අද (22) උදෑසන අයිස් සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් ලොරි රථය වැඩිදුරටත් පරීක්ෂා කල පසු එහි තිබී නවීනපන්නයේ රිවොල්වර් ගිනිඅවි 05ක්ද, T56 ගිනිඅවියක්ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
කොමඩු රැගෙන යන මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට පොලීසිය විසින් සඳහන් කරන ලදි.
දකුණ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ මෙහෙයවීමෙන් අදාළ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ.

